හෘදයාබාධ

හෘදයාබාධ

හෘදයාබාධයක් සුව වීමට මාස කිහිපයක් ගත විය හැකි අතර ඔබේ පුනරුත්ථාපනය වේගවත් කිරීම සඳහා කලබල නොවීම වැදගත්ය.

ඔබ ආපසු නිවසට පැමිණි පසු සාමාන්‍යයෙන් ඔබට විවේකය ලබා ගන්නා ලෙස සහ දිනකට කිහිප වතාවක් පඩිපෙළ ඉහලට පහලට ඇවිදීම හෝ කෙටි දුරක් ඇවිදීම වැනි සැහැල්ලු ක්‍රියාකාරකම් වල පමණක් නිරතවන ලෙස නිදේශ කරනු ලැබේ. ඔබ දිනපතා සිදුකරන ක්‍රියාකාරකම් සති කිහිපයකින් ක්‍රමයෙන් වැඩිකරන්න. ඔබට කොපමණ ඉක්මනින් මෙය කල හැකිද යන්න, ඔබගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්වය සහ ඔබගේ හර්දයේ තත්වය මත රඳා පවතී. බයිසිකල් පැදීම, ට්‍රෙඩ්මිල්, ව්‍යායාම සහ පිහිනීම වැනි ඔබගේ ක්‍රියාකාරී මට්ටම වැඩිකිරීම සඳහා කල හැකි ස්වායු ව්‍යායාම වල සැලැස්ම පිලිබඳව විස්තරාත්මක උපදෙස් ඔබගේ සත්කාරක කණ්ඩායම ඔබට නිර්දේශ කරනු ලැබේ. ආපසු රැකියාවට යාම - හර්දයාබාධයකින් පසුව බොහෝ දෙනෙකුට නැවත රාජකාරියට යාමට හැකි වන නමුත් එය කෙතරම් ඉක්මනින්ද යන්න තීරණය කරනු ලබන්නේ ඔබගේ හදවතේ තත්වය සහ ඔබගේ රාජකාරියේ ස්වභාවය මතය. ඔබගේ රැකියාවට සැහැල්ලු රාජකාරී ඇතුලත් වේ නම් උදාහරණයක් ලෙස ඔබ කාර්යාලයක රාජකාරී කරන්නේ නම් ඔබට සති දෙකක වැනි සුළු කාලයකින් ඔබගේ රාජකාරිය සඳහා නැවත යා හැකිය. කෙසේ වෙතත් ඔබගේ රාජකාරියට අතින් සිදුවෙන බර වැඩ අයත් නම් හෝ ඔබගේ හදවතට පුළුල් ලෙස හානි සිදුවී ඇත්නම්, ඔබ ආපසු රාජකාරියට යාමට මාස කීපයක් ගතවිය හැක.

මානසික අවපීඩනය - හර්දයාබාධයක් ඇතිවීම බිය සහ කම්පනය ඇති කල හැක. පසුව කාංසාව ඇතිවීමද සාමාන්‍ය දෙයකි. රෝහලින් පිටවී නැවත නිවසට පැමිණි මුල් සති කිහිපය තුල බොහෝ දෙනෙකුගේ මානසික ආතතිය, මානසික අවපීඩන තත්වයට හේතු විය හැකි අතර ශෝකී තත්වයක් ඇතිවිය හැක. මානසික අවපීඩනයක් ඇති වී ඇති බව දැනෙනවා නම්, ඔබට වඩාත් බරපතල මට්ටමේ මානසික අවපීඩනයක් ඇතිවිය හැකි නිසා ඔබගේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න. ඉතා බරපතල වර්ගයේ මානසික පීඩනය බොහෝ විට ප්‍රතිකාරයකින් තොරව සුව නොවන බැවින් උපදෙස් ලබාගැනීම වඩාත් වැදගත් වේ. ඔබගේ මානසික තත්වය ද ඔබගේ ශාරීරික සුවපත් වීම කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකිය.

ඔබගේ අවදානම අඩු කිරීම

තවත් හර්ද රෝගයක් ඇතිවීමේ අවධානම අඩු කර ගැනීම සඳහා ජීවන රටාව වෙනස් කිරීම සහ විවිධ ඖෂධ වර්ග දීර්ඝ කාලීනව ලබා ගැනීම ඇතුලත් වේ. ආහාර - සතියකට තෙල් සහිත මාළු කොටස් දෙකේ සිට හතර දක්වා ආහාරයට ගැනීම ඔබට නිර්දේශ කෙරේ. තෙල් සහිත මාළු වල ඔමේගා -3 ලෙස හැඳින්වෙන මේද අම්ලයක් අඩංගු අතර ඒවා කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ගැනීමට උපකාරී වේ. ඔමේගා-3 හි හොඳ මූලාශ්‍ර වනුයේ:

  • හුරුල්ලා
  • සාර්ඩින්
  • මැකරල්
  • සැමන්
  • බලමාළු/කෙලවල්ලන්

පළමුව ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් නොගෙන ආහාර අතිරේක කවදාවත් ගන්න එපා. බීටා-කැරොටින් වැනි සමහර අතිරේක විශාල ලෙස හානිකර විය හැකිය. මෙයින් අදහස් කරන්නේ පාන්, පලතුරු, එළවළු සහ මාළු වැඩිපුර සහ අඩු මස් ආහාරයට ගැනීමයි. බටර් සහ චීස් වෙනුවට, එළවලු සහ ශාක තෙල් මත පදනම් වූ ඔලිව් තෙල් භාවිත කරන්න. දුම් පානය - ඔබ දුම් පානය කරන්නේ නම් හැකි ඉක්මනින් එය නතර කිරීමට තදින්ම උපදෙස් දෙනු ලැබේ. මත්පැන් - මත්පැන් පානය කරන්නේ නම් එය, නිර්දේශිත සීමාවන් ඉක්මවා නොයන්න:

  • සතියකට ඒකක 14 කට වඩා වැඩි ප්රමාණයක් නිතිපතා මත් පැන් පානය නොකරන ලෙස පිරිමි සහ ගැහැණු දෙපාර්ශ්වයටම අවවාද කරනු ලැබේ
  • සතියකට දින තුනක් හෝ ඊටත් වඩා මත්පැන් බොන්නේ නම් සතියකට ඒකක 14ට එය සීමා කරන්න

මත්පැන් එකක 14 ක්, සාමාන්‍ය ශක්තියෙන් යුතු බියර් පයින්ට් 6 කට හෝ අඩු ශක්තියෙන් යුතු වයින් කුඩා වීදුරු 10 කට සමාන වේ. නිර්දේශිත මත්පැන් සීමාව නොකඩවා ඉක්මවා යාමෙන් ඔබගේ රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් මට්ටම ඉහල යාම, තවත් හෘදයාබාධයක් පිලිබඳ අවදානම වැඩි කරයි. එක් වරම වැඩි ප්‍රමාණයක් මත්පැන් බිම අඩු කරන්න (කෙටි කාලයක් තුල මත්පැන් විශාල වශයෙන් පානය කිරීම හෝ බීමත් වීම සඳහා මත්පැන් පානය කිරීම). එක් වරම වැඩි ප්‍රමාණයක් පානය කිරීමෙන් ඔබේ රුධිර පීඩනය ක්ෂණිකව හා විශාල වශයෙන් ඉහළ යාමට හේතු විය හැකිය. මෙය ඉතා භයානක වේ. හර්දයාබාධයකින් පසුව මත්පැන් පානය සාමාන්‍ය තත්වයට පත් කර ගත් පුද්ගලයන්ට වඩා, හර්දයාබාධයකින් පසුව තවමත් එක් වරම වැඩි ප්‍රමාණයක් මත්පැන් බිම දිගටම කරන්නේ නම් තවත් හර්ද රෝගයක් හෝ ආඝාතයක් මගින් මිය යාමට තරම් දෙගුණයකින් බරපතල තත්වයකට පත් විය හැකි බව පර්යේෂණ වලින් අනාවරණය වී ඇත. බර පාලනය - බර වැඩි හෝ තරබාරු නම්, බර අඩු කර ගැනීමට සහ ඉන්පසුව ව්‍යායාම සංයෝජනයෙන් සහ කැලරි පාලනය කරන ආහාර ලබා ගැනීමෙන් බර අඩු කර ගැනීම නිර්දේශ කරනු ලැබේ.

සාමාන්‍ය ශාරීරික ක්‍රියාකාරකම් - හර්දයාබාධයකින් පසුව ප්‍රමාණවත් භෞතික ප්‍රකුර්ති තත්වයට පැමිණීමෙන් පසු (කොපමණ කාලයක් මේ සඳහා ගත වේද යන්න වැඩිදුර අද්‍යනය කිරීම සඳහා පහතින් සඳහන් හර්දය පුනරුත්ථාපනය කියවන්න) ඔබට සාමාන්‍ය ශාරීරික ක්‍රියාකාරකම් කිරීමට නිර්දේශ කරනු ලැබේ. වැඩිහිටියන් සතියකට අඩුම වශයෙන් විනාඩි 150(පැය 2 විනාඩි 30) ක් බයිසිකල් පැදීම වේගයෙන් ඇවිදීම වැනි ස්වායු ක්‍රියාකාරකම් කලයුතුය. ක්‍රියාකාරිත්වයේ මට්ටම, හති දමන, දැඩි වෙහෙසකර විය යුතුවේ. ඔබට සතියකට ක්රියාකාරකම් විනාඩි 150 ක් ලබා ගැනීමට අපහසු නම්, ඔබ සැපපහසු වූ මට්ටමක සිට ආරම්භ කරන්න (නිදසුනක් ලෙස, දිනකට සැහැල්ලු අභ්‍යාස විනාඩි 5-10 ක්) පසුව මෙය දියුණු කිරීම සඳහා මෙම ක්‍රියාකාරකාකම් වල කාලය සහ තීව්‍රතාවය ක්‍රම ක්‍රමයෙන් වැඩි කරන්න.

ඖෂධ

හදිසි හර්දයාබාධයක් ඇතිවීමේ අවධානම අවම කිරීම සඳහා පුළුල් ලෙස භාවිතා කරන ඖෂධ වර්ග හතරක් ඇත:

  • ACE ක්‍රියාකාරිත්වය වලක්වන ඖෂධ
  • ප්‍රති පට්ටිකා
  • බීටා බ්ලොකර්ස්
  • ස්ටැටින්

ACE ක්‍රියාකාරිත්වය වලක්වන ඖෂධs- මේවා මගින් රුධිර පීඩනය පාලනය කරන සමහර හෝර්මෝන වල ක්‍රියාව අවහිර කරන නිසා, රුධිර පීඩනය අඩු කිරීම සඳහා ACE ක්‍රියාකාරිත්වය වලක්වන ඖෂධ බොහෝ විට භාවිත කෙරේ. මෙම හෝර්මෝන වැඩ කිරීම නැවැත්වීමෙන් ඔබගේ රුධිරයේ ඇති වතුර ප්‍රමාණය අඩු කිරීමට සහ ධමනි පළල් කිරීමට ඖෂධ උපකාරී වන අතර මේ ක්‍රම දෙකෙන්ම ඔබගේ රුධිර පීඩනය අඩුවේ. සමහර වෙලාවට ACE ක්‍රියාකාරිත්වය වලක්වන ඖෂධ මඟින් වකුගඩු වලට රුධිරය සැපයුම අඩු කරනු ලැබේ. එමඟින් වකුගඩු වල කාර්යක්ෂමතාවය අඩු වේ. එම නිසා ඔබ ACE ක්‍රියාකාරිත්වය වලක්වන ඖෂධ ලබා ගැනීම ආරම්භ කිරීමට ප්‍රථම ඔබගේ වකුගඩුවල පෙර ගැටළු නොමැති බවට වග බලා ගැනීම සඳහා රුධිරය සහ මුත්‍රා පරීක්ෂණ සිදු කල හැක. ඔබ ACE ක්‍රියාකාරිත්වය වලක්වන ඖෂධ භාවිතා කිරීම දිගටම කරගෙන යන්නේ නම් වාර්ෂික රුධිර සහ මුත්‍රා පරීක්ෂණ අවශ්‍ය විය හැක. ACE ක්‍රියාකාරිත්වය වලක්වන ඖෂධ ඖෂධයෙන් ඇතිවිය හැකි අතුරු අබාධ වලට පහත සඳහන් දේ ඇතුලත් වේ:

  • ක්ලාන්ත ගතිය
  • මහන්සි ගතිය හෝ දුර්වල ගතිය
  • හිසරදය
  • නිතර ඇති වන වේලුම් කැස්ස

දින කිහිපයකින් මේවායින් කිහිපයක් පහව යන නමුත් සමහර අයට වියලි කැස්ස දිගටම පවතී. ACE ක්‍රියාකාරිත්වය වලක්වන ඖෂධ ලබා ගන්නා අතර ඒ සමග කවුන්ටරයෙන් ලබා ගන්නා ඖෂධ ඇතුළුව වෙනත් ඖෂධ ලබා ගැනීම නිසා අනපේක්ෂිත ප්‍රතිඵල ඇති විය හැක. ACE ක්‍රියාකාරිත්වය වලක්වන ඖෂධ සමග ලබා ගන්නා ඕනෑම ඖෂධයක් ලබා ගැනීමට පෙර ඔබගේ වෛද්‍යවරයා සමග හෝ ඖෂධවේදියා සමග පරීක්ෂා කර ගන්න. හර්දයාබාධයකින් පසුව වහාම ACE ක්‍රියාකාරිත්වය වලක්වන ඖෂධභාවිතා කිරීම ආරම්භ කිරීමටත් බොහෝ අවස්ථාවලදී එය අඛණ්ඩව පවත්වා ගැනීමටත් නිර්දේශ කරනු ලැබේ. සමහර පුද්ගලයන්ට ACE ක්‍රියාකාරිත්වය වලක්වන ඖෂධ සුදුසු නොවන බව සනාථ වී ඇත්නම් ඔවුන්ට ඒ සඳහා විකල්ප ඖෂධයක් වන ARB නිර්දේශ කරනු ලැබේ. ප්‍රති පට්ටිකා (Anti-platelets)- මෙය රුධිරය කැටි ගැසීම වැලැක්වීම සඳහා උපකාරී වන ඖෂධ වර්ගයකි. මේවා රුධිර පට්ටිකා වල ඇලෙන සුළු බව අඩු කිරීමට ක්‍රියා කරයි. රධිර පට්ටිකා යනු රුධිරය කැටි ගැසීමට උපකාරී වන, රුධිරයේ ඇති ඉතා කුඩා අංශු වේ. රුධිරය තුනී කරන ගුණයක් ඇති සහ වේදනා නාශකයක් වන අස්පිරින් කුඩා මාත්‍රාවක් ලබා ගැනීම සාමාන්‍යයෙන් ඔබට නිර්දේශ කරනු ලැබේ. විශේෂයෙන් ඔබට ස්ටෙන්ට් (Stent) ප්‍රතිකාර ලබාදී ඇත්නම් ක්ලොපිඩොග්‍රෙල් (Clopidogrel,) ප්‍රසුග්‍රෙල් (Prasugrel) හෝ ට්‍රිකාග්‍රෙලෝ (Ticagrelor) වැනි අමතර ප්‍රති පට්ටිකා (Anti-platelet) ඖෂධ ඔබට ලබා ගැනීම සඳහා නිදේශ කිරීමට වැඩි ඉඩක් ඇත. ඔබ ඇස්ප්රීන් වලට ආසාත්මිකතා ඇති නම් ද මේවා භාවිතා කළ හැකිය. අතුරු ආබාධ වලට පහත දේ ඇතුලත් කල හැක:

ACE ක්‍රියාකාරිත්වය වලක්වන ඖෂධ මෙන් ම හර්දයාබාධයකින් පසුව ප්‍රති පට්ටිකා ප්‍රතිකාර ද වහාම ආරම්භ කල යුතුය. ඔබට මෙම ඖෂධ වර්ග නිර්දේශ කළ කාලය සති 4 ක් හා මාස 12 ක් අතර විය හැකි අතර, ඔබට ඇති වූ හෘදයාබාධ වර්ගය සහ ඔබට ලැබුන අනිත් ප්‍රතිකාර අනුව රඳා පවතී. ඔබට අස්පිරින් අඛණ්ඩව ලබා ගැනීමට සාමාන්‍යයෙන් නිර්දේශ කෙරේ. ඔබ ඇස්ප්රීන් හේතුවෙන් කරදරකාරී අතුරු ආබාධ අත්විඳින්නේ නම්, ඔබ උපදෙස් ලබා ගැනීම සඳහා ඔබගේ වෛද්‍යවරයා හමුවිය යුතුය. තවත් හර්දයාබාධයකට ගොදුරුවීමේ අවධානම වැඩිවිය හැකි නිසා හදිසියේම අස්පිරින් ලබා ගැනීම නැවැත්විය නොහැකිය. රුධිරය තුනී කරන වෝෆරින් (Warfarin) යනුවෙන් හඳුන්වනු ලබන වෙනත් ඖෂධයක්ද ඉඳ හිට ඔබට දෙනු ලැබේ. මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ අක්‍රිය හර්ද රිද්මයක් තුළ ඒට්‍රියෙල් ෆිබ්‍රිලේෂන් (Atrial fibrillation) ඔබ රැදී ඇත්නම් හෝ ඔබේ හදවතට බරපතල හානි සිදු වී ඇත්නම් පමණි. වෝෆරින් වල වඩාත් බරපතල අතුරු ඵලය වනුයේ අධික රුධිර වහනය වීමය. ඔබ පහත සඳහන් කිසිඳු අතුරු ආබාධයකට මුහුණ දෙන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න:

  • මලපහ හෝ මුත්‍රා සමඟ රුධිරය පිටවීම
  • කළු පාටින් මල පහ කිරීම
  • දරුණු තැලීම්
  • දිඟු කාලීන නාසයෙන් ලේ ගැලීම (මිනිත්තු 10 කට වැඩ වැඩියෙන්)
  • වමනය සමඟ රුධිරය පිටවීම
  • කැස්ස සමඟ ලේ පිට වීම
  • අසාමාන්‍ය හිසරදය
  • කාන්තාවන් ගේ ඔසප් වීමේදී අධික හෝ වැඩි රුධිර වහනයක් ඇතිවීම හෝ යෝනි මාර්ගයෙන් වෙනත් රුධිර වහන ඇතිවීම

පහත තත්ත්ව ඇත්නම් ඔබ වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය:

  • විශාල කම්පනයක් ඇති වුනි නම් (අනතුරක් වැනි)
  • හිසට සැලකිය යුතු පහරක් වැදුනේ නම්
  • ඕනෑම රුධිර වහනයක් නැවත්වීමට නොහැකි වුනි නම්

බීටා බ්ලොකර්ස් (Beta-blockers). බීටා බ්ලොකර්ස් යනු හර්දයාබාධයකින් පසු හදවත තවදුරටත් හානි වීම වලක්වා ගැනීම සඳහා භාවිතා කරන ඖෂධ වර්ගයකි. මේවා හදවතේ පේශි ලිහිල් කිරීමට උපකාරී වේ. එමඟින් හර්ද ස්පන්දන වේගය අඩු වන අතර රුධිර පීඩනය ද අඩුවේ. මේ ක්‍රම දෙකම මඟින් හදවතේ පීඩනය අඩු වේ. ඔබගේ තත්වය ස්ථාවර වූ වහාම බීටා බ්ලොකර්ස් සමඟ ප්‍රතිකාර ආරම්භ කිරීමට සහ එය අඛණ්ඩව භාවිතා කිරීමට සාමාන්‍යයෙන් නිර්දේශ කරනු ලැබේ. බීටා බ්ලොකර්ස් වල තරමක් පොදු අතුරු අබාධ වනුයේ:

  • මහන්සිය
  • සීතල දෑත් සහ පාද
  • මන්දගාමී හදවතේ ගැස්ම
  • පාචනය
  • ඔක්කාරය

දුලබ අතුරු ආබාධ වනුයේ:

  • නිදා ගැනීමේදී ඇතිවන බාධා
  • බියකරු සිහින දැකීම
  • ශිෂ්ණය ඍජු වීම ලබා ගැනීම හෝ පවත්වාගෙන යාමේ නොහැකියාව හෝ "බෙලහීනත්වය")

බීටා-බ්ලොකර්ස් වෙනත් ඖෂධ සමග අන්තර්ක්‍රියා කිරීම නිසාද අහිතකර අතුරු ආබාධ ඇතිවිය හැක. නිර්දේශයකින් තොරව කවුන්ටරයෙන් ලබා ගන්නා ඖෂධ වර්ග ඇතුළුව, ඖෂධ වර්ග ලබා ගැනීමට පෙර ඔබගේ වෛද්‍යවරයා හෝ ඖෂධවේදියෙක් සමඟ පරීක්ෂා කර ගන්න. ස්ටැටින් (Statins) - ස්ටැටින් යනු ඔබගේ රුධිර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට භාවිතා කරන ඖෂධ වර්ගයකි. මේවා ඔබගේ කිරීටක ධමනි වලට තවදුරටත් හානිවීම වැලක්වීමට උපකාරී වන අතර එමඟින් තවත් හර්දයාබාධයක් ඇතිවීමේ අවධානම අඩු කරයි. කොලෙස්ටරෝල් සෑදීමට භාවිත කරන, ඔබගේ අක්මාවේ ඇති, HMG-CoA reductase නැමති එන්සයිමය ක්‍රියාත්මක වීම ස්ටැටින්ස් නැමැති ඖෂධය මඟින් අවහිර කරයි. ස්ටැටින්ස් වලින් සමහර විට මෘදු අතුරු ආබාධ ඇති වේ:

ස්ටැටින් නැමැති ඖෂධය හේතුවෙන් ඇතැම්විට මාංශ පේශි වේදනාව, දුර්වල වීම් සහ රිදෙන ගතිය ඇතිවිය හැක. මෙම ඖෂධ වල ඔබගේ මාත්‍රාව නැවත සකස් කිරීමට සිදුවිය හැකි නිසා, ඔබට මෙම රෝග ලක්ෂණ මතුවුව හොත් ඔබගේ වෛද්‍යවරයා හමුවන්න. ඔබට ස්ටැටින් ඖෂධය අඛණ්ඩව ලබා ගැනීමට සාමාන්‍යයෙන් නිර්දේශ කෙරේ.